News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

අද සිට හුදෙකලා වන ප්‍රදේශ

869 Views


අද සිට හුදෙකලා වන ප්‍රදේශ

රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ තැබීමට බලධාරීන් තීරණයකර තිබෙනවා.

ඒ අනුව වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්ඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය සහ සාලමුල්ල හා විජයපුර යන ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන 5 සිට හුදෙකලා බවට පත් කෙරුණා.

එමෙන්ම මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය තවදුරටත් හුදෙකලා තත්ත්වයෙන් පවත්වාගෙන යාමට තීරණයකර තිබෙනවා.

මේ අතර මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පුවීදිය, වේල්ලවීදිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මරදාන යන පොලිස් වසම් සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරි වසම මෙන්ම බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම තවදුරටත් හුදෙකලා තත්ත්වයේ තැබෙන බව යුද හමුදාපතිවරයා නිවේදනය කළා.

ඔහු පැවසුවේ, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, කැළණිය සහ පෑලියගොඩ යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බවයි.


News Articles
Latest Videos
Most Popular Post