News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය ගණන 8 දක්වා ඉහළට – විමර්ශ කටයුතු සී.අයි.ඩීයට

444 Views


මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය ගණන 8 දක්වා ඉහළට – විමර්ශ කටයුතු සී.අයි.ඩීයට

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මිය ගිය ගණන 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම සිද්ධිය හේතුවෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 8ක් බව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා තහවුරු කළා.

එමෙන්ම සිද්ධියත් සමග රැඳවියන් භාරයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද ඔවුන්ගෙන් මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් ද තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post