බ්‍රිතාන්‍යයෙන් හඳුනාගන්නා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සියයට 30කින් පමණ පහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ, මසක කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තැබීම සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බව එරට සමීක්ෂණ ආයතනයක් සිදු කළ පර්යේෂණයකින් අනාවරණ වී ඇති බවයි.
එමෙන්ම ආසාදිතයින්ගේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ ප්‍රදේශවලින් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා.
පසුගිය 13 වැනිදා සිට 24 දක්වා කාලය තුළ පුද්ගලයින් 10,000 කින් 130 දෙනෙකුට පමණක් වෛරසය ආසාදනය වී ඇති බවයි අදාළ සමීක්ෂණායතනය පෙන්වා දෙන්නේ.
මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන අැති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන දැක්වෙන්නේ, 1,617,327ක් ලෙසයි.
එමෙන්ම එරටින් වාර්තා වන මරණ ගණන 58,245ක්.