නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා.
නව පොලිස්පතිවරයාට සුබපැතුම් එක් කළ අග්‍රාමාත්‍යවරයා රටේ ආරක්ෂක තත්ත්වය හා පොලිසියේ වර්තමාන කාර්යයභාරය සම්බන්ධයෙන් මෙහිදී විමසා සිටියා.
ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියට ගෙන යාමත්, ජාතික වශයෙන් පැවරෙන වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමත් පිළිබඳ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අග්‍රාමාත්‍යවරයා හමුවේ සිය විශ්වාසය පළකර තිබෙනවා.
එමෙන්ම කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සඳහා පොලිසියෙන් සිදු වන කාර්යයභාරය මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක් වුණා.
නව පොලිස්පති ධුරයට පත් සී.ඩී. වික්‍රමරත්න මහතා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය, මහානාම විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්.
1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක් වූ ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිදාරීවරයෙකු ද වනවා.
13 වරක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතුකර ඇති වික්‍රමරත්න මහතා හදාරා ඇති විදෙස් පාඨමාලා සංඛ්‍යාව 13ක්.
බුද්ධි අංශ නිලධාරියෙක් පොලිස්පතිධුරයට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර සී .ඩී වික්‍රමරත්න මහතා සැළකෙන්නේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වැඩිම කාලයක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතුකර ඇති නිලධාරියා ලෙසයි.

