රජය අපකීර්තියට පත් කරන යම් යම් ක්‍රියාකාරකම් සිදු කිරීමට බන්ධනාගාර තුළ අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
වත්මන් රජයේ ප්‍රතිපත්තිය මගින් මත්ද්‍රව්‍ය වැටලීම්වලට ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විශාල පිරිසක් අද වනවිට බන්ධනාගාරගත වී ඇති බවත් ඇය එහිදී කියා සිටියා.
එමෙන්ම බන්ධනාගාර තුළ රඳවා ගැනීමේ ඉඩ පහසුකම් පුළුල්කර ඇති බවත් ඒ තුළින් 11,000 ක් පමණ රඳවා ගැනීමට ඇති හැකියාව මේ වනවිට 32,000ක් පමණ දක්වා වැඩි වී ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරියා ප්‍රකාශ කළා.