පවතින තත්ත්වය යටතේ පාසල්වලින් සියයට 50ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු සිදු නොවීම තුළ නියමකර ඇති දිනට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.
ඒ අනුව සියලු ක්ෂේත්‍ර සමග සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ නියමිත දිනට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නොහැකි වුවහොත් විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව සති 6කටවත් පෙර සිසුන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට දැනට සැළසුම්කර ඇති දින වන්නේ ලබන ජනවාරි මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වායි.