කොරෝනා වෙෙරස් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශය යළි විවෘත කිරීමට තීරණයකර තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, නියමිත සෞඛ්‍ය උපදේශවලට අනුව හෙට සිට මහජනතාව වෙනුවෙන් එම කාර්යාංශය යළි විවෘත කරන බවයි.