News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

දිගන යළිත් හෙළවෙයි

726 Views


දිගන යළිත් හෙළවෙයි

මහනුවර, දිගන, අඹකොටේ ප්‍රදේශයේ ඊයේ රාත්‍රී යළිත් සුළු භූ චලනයක් සිදුව ඇති බව වාර්තා වනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපතිවරයා පැවසුවේ, එම කම්පන තත්ත්වය රික්ටර් මාපක 2කට වඩා අඩු අගයක් ලෙස පල්ලේකැලේ භූ කම්පන මානයේ සටහන් වී ඇති බවයි.

මින් පෙර ද අවස්ථා කිහිපයකදී මහනුවර ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයන් හටගත් අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පත් කළ කමිටුව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post