ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවැත්වුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වූ බවත් සාකච්ඡාව සාර්ථකව පැවැති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මෙම රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම සඳහා වන එකම අරමුණ කොරෝනා වසංගතය පමණක්ම නොවන බවයි.
කාර්යක්ෂමතාව, පහසුව, කාලය සහ වියදම ඉතිරිකර ගැනීම සැළකිල්ලට ගනිමින් වීඩියෝ කැබිනට් මණ්ඩල රැස්වීම සංවිධාන කෙරුණු බවයි එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.
නව තාක්ෂණය හඳුන්වා දීමට, භාවිත කිරීමට සහ හුරුකරවීමට ජනාධිපතිවරයා ප්‍රමුඛතාව දී ඇති බවත්, තාක්ෂණ අමාත්‍යාංශය පසුගියදා ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතට ගෙන ඇත්තේ එම අරමුණ පෙරදැරි කරගනිමින් බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.