News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

මහර බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 107 දක්වා ඉහළට

549 Views


මහර බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 107 දක්වා ඉහළට

මහර බන්ධනාගාරය තුළ පසුගිය 29 වැනිදා ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම ගැටුමේදී මියගිය රැඳවියන් සංඛ්‍යාව 8ක්.

තුවාල ලැබූවන් අතර රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම අදාළ සිද්ධියත් සමග බන්ධනාගාරය තුළ ඇති වූ ගින්නෙන් එහි ලේඛනාගාරය, සිර මැදිරි කිහිපයක්, ආහාර ගබඩාව සහ අධිකාරි හා සහකාර අධිකාරි කාර්යාල විනාශ වුණා.

එම ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක්ම ක්‍රියාත්මක වන අතර ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා එම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැවරුවා.

මේ අතර ඒ සම්බන්ධයෙන් තවත් විමර්ශනයක් සිදු කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පංච පුද්ගල කමිටුවක් ඊයේ පස්වරුෙව් පත් කළා.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි වීරවර්ධන මහත්මියගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ යන මහත්වරුන්.

අධිකරණ අමාත්‍යවරයා එම කමිටුවට උපදෙස් දී ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සතියක් තුළ අතුරු වාර්තාවක් ලබා දෙන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post