News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

සුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් අනාවැකියක්

1356 Views


සුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් අනාවැකියක්

ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝ මීටර 590ක් දුරින් ස්ථානගතව පැවැති අතර ඉදිරි පැය 6 තුළදී එය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පසුව එය එළැඹෙන පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති.

මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන්කර මඩකලපුව සහ මුලතිව් අතරින් හෙට සවස් කාලයේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඇතුළු විය හැකි වනවා.

මේ අතර නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, වයඹ පළාතේ තැනින් තැන වැසි ඇති වනවිට දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර 30-40ත් පමණ දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවත් කාලගුණ අනාවැකියේ සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post