News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය රැඳවියන් ගණන 9 දක්වා ඉහළට

495 Views


මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය රැඳවියන් ගණන 9 දක්වා ඉහළට

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් මියගිය රැඳවියන් ගණන 9 දක්වා ඉහළ ගියා.

පොලිසිය පැවසුවේ, අද තවත් රැඳවියකු මියගිය බවයි.

එමෙන්ම ගැටුම හේතුවෙන් තුවාල ලැබූ 107 දෙනෙකු මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක්ම ක්‍රියාත්මක අතර ඒ සඳහා ඊයේ අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් මත පංච පුද්ගල කමිටුවක් ද පත් කෙරුණා.

තවත් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන්නේ පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි.


News Articles
Latest Videos
Most Popular Post