News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

පෝලන්තයේ රැකියා අපේක්ෂිකයින්ට දැනුම් දීමක්

826 Views


පෝලන්තයේ රැකියා අපේක්ෂිකයින්ට දැනුම් දීමක්

පෝලන්තයේ රැකියා ලබාගත හැකි බවට වෙළඳ දැන්වීම් ප්‍රචාරය කර, රැකියා අපේක්ෂිතයන්ගෙන් වංචනිකව මුදල් ලබා ගැනීමේ ජාවාරමක් හෙළිවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ව්‍යාජ රැකියා නියෝජිත ආයතන මගින් මෙම ජාවාරම සිදුකරන බවට අනාවරණ වී තිබෙනවා.

පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ පෝලන්තයේ රැකියා ලබාගැනීමට නම් අනිවාර්යෙන්ම රැකියා බලපත්‍රයක් තිබිය යුතු බවයි.

ඒම නිසා කිසිඳු අවස්ථාවක පෝලන්තයේ රැකියා බලපත්‍රයක් නොමැතිව, ශ්‍රී ලංකාවේ රැකියා නියෝජිතායතන වෙත කිසිඳු මුදලක් නොගෙවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මුදල් ගෙවීමට පෙර පෝලන්තයේ රැකියා බලපත්‍රයක් ඇති බවට තහවුරු කරගන්නා ලෙසත් සැකයක් ඇත්නම්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඒ පිළිබද විමසන ලෙසත් එම කාර්යාංශය රැකියා අපේක්ෂකයින්ට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post