බුරවි සුළි කුණාටුව හේතුවෙන් අවදානමට ලක්විය හැකි උතුරු – නැගෙනහිර ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා.
ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 75,000ක් මධ්‍යස්ථාන 237ක් වෙත ඉවත් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවා.
එලෙස ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සැළසීමට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම ඔවුන්ට යම් කිසි ආපදාවකට මුහුණ දීමට සිදු වුවහොත් සහන සැළසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දැනටමත් වෙන්කර ඇති බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ආනුරාධා යහම්පත් මහත්මිය ප්‍රකාශ කළේ.