සුළි කුණාටුවත් සමග ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ත්‍රිවිද හමුදාව, රාජ්‍ය නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඇතුළු සියලු අංශ සූදානම් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.
ගුවන් හමුදාව පැවසුවේ, ඕනෑම ආපදා අවස්ථාවකදී ඉන් ජනතාව මුදා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා සහ සහන සේවා කණ්ඩායම් සූදානම්කර ඇති බවයි.
එමෙන්ම සුළි කුණාටුවෙන් විදුලි පද්ධතියට සිදු විය හැකි හානි අවම කර ගැනීමට අතිරේක සේවක කණ්ඩායම් අවදානම් ප්‍රදේශ වෙත යොමුකර ඇති බව විදුලිබල අමාත්‍යාංශය පැවසුවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, හසිදි තත්ත්වයක් මතු වුවහොත් එම ප්‍රදේශවල හදිසි විදුලිය විසන්ධි කිරීමක් ද සිදු කෙරෙන බවයි.
එමෙන්ම සුළි කුණාටුවෙන් ඇති විය හැකි බලපෑම් හමුවේ සියලුම දිස්ත්‍රික්කවල ලේකම්වරුන් මහජනතාවට සේවය කිරීම සඳහා සූදානම් වී සිටින බව ද නිවේදනය කෙරුණා.