මත්ද්‍රව්‍ය භාවිතයට අදාළව බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්ට සඳුදාට පෙර නඩු පවරා එම කටයුතු අවසන් කරන ලෙස උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා කියා සිටියේ, බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.
පොලිස් මූලස්ථානයේදී අද පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී අදාළ උපදෙස් දුන් බව ද අජිත් රෝහණ මහතා පැවසුවා.