බුරවි සුළි කුණාටුව මුලතිව් සහ ත්‍රිකුණාමල ප්‍රදේශ අතරින් දිවයිනේ නැගෙනහිර වෙරළට මේ වනවිට ඇතුළු වී ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේෙ, එය දිවයිනෙන් පිටතට ගමන් කරන විටත් සුළි කුණාටුවක මට්ටමේ පවතිනු ඇති බවයි.
මේ අතර අද පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ, මුලතිව් දිස්ත්‍රික්කයේ, අලම්පිල් ප්‍රදේශයට වන අතර එම ප්‍රමාණය මිලිමීටර් 203.5ක්.
එමෙන්ම උඩයාර්කට්ටු ප්‍රදේශයට මිලි මීටර 158ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
වැලිඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 112ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.