ඊයේ රාත්‍රියේ ලංකාවට ඇතුළු වූ බුරලි සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි යාපනය ප්‍රදේශයට ඇද හැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
අද දහවල් කාලය වන විට බුරලි සුළි කුණාටුව මන්නාරම් බොක්ක හරහා දිවයිනෙන් ඉවතට යන බවට පවසන එම දෙපාර්තුමේන්තුව ඒ තුලින් එම කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් පහව යන බවට එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.
කෙසේ වෙතත් බස්නාහිර , ගාල්ල, මාතර , උතුරු සහ උතුරු මැද පළාත් වලටත් දුරටත් වැසි අපේක්ෂා කල හැකි බවයි වාර්තා වන්නේ.