මානසික රෝග සඳහා භාවිත කරන ඖෂධ ගැනීම මගින් කලහකාරී හැසිරීමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, මහර රැඳවියන්ගේ කලහකාරී හැසිරීමට එම ඖෂධ භාවිත කරේ යැයි පැවසෙන ප්‍රකාශය වැරදි සහගත බවයි.
එවැනි ප්‍රකාශයක් කිරීම මගින් මානසික රෝග සහ ඒ සඳහා ගන්නා ඖෂධ පිළිඳ වැරදි මතයක් ජනතාව අතර ඇති කරන බවයි ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ.