යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ අටලුගම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහයෝගය නොදක්වන්නේ නම් සැලකිය යුතු කාලයක් එම ප්‍රදේශය හුදකලා කිරීමට ලක් විය හැකි බවයි.
එක ගම්මානයක යම් පිරිසක් මෙලෙස අත්තනෝමතික ලෙස හැසිරීම මත කළුතර දිස්ත්‍රික්කයටම එය තර්ජනයක් වීමට කිසිසේත් අවස්ථාවක් නොදෙන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.