News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

මියගිය මහර රැඳවියන්ගේ සිරුරු බැහැර කිරීමේ තීන්දුව කල් යයි

398 Views


මියගිය මහර රැඳවියන්ගේ සිරුරු බැහැර කිරීමේ තීන්දුව කල් යයි

මහර බන්ධනාගාරයේ පසුගිය 29 වැනිදා ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කර සිටියදී මියගිය රැඳවියන්ගේ සිරුරු බැහැර කරන ආකාරය පිළිබඳ තීන්දුව නිකුත් කිරීම කල් ගියා.

ඊට අදාළව මෝසමක් මාර්ගයෙන් කරුණු දක්වමින් අදාළ නඩුව ගොනුකර තිබුණේ, සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවයි.

රෝහල්ගත කිරීමෙන් පසු මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා හඳුනා ගැනුණු අතර කොරෝනා මර්දන නීතිය යටතේ එම සිරුරු ආදාහනය නොකරන ලෙස අදාළ කමිටුව සිය මෝසම මගින් ඉල්ලා තිබුණා.

එම මරණ සියල්ල ස්වභාවික හේතු මත සිදු නොවූ, සැක සහිත මරණ බැවින් මළ සිරුරු පිළිස්සුවහොත් ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතුවලට එය බාධාවක් විය හැකි බවට ඔවුන් සිය මෝසම මගින් කරුණු දක්වා තිබෙනවා.

යම් හෙයකින් එම මරණ මගින් මිනී මැරුම්වලට සාක්ෂි ඉදිරිපත් වුවහොත් ඊට වගකිව යුතු අපරාධකරුවන්ට නීතියෙන් මිදීමට එමගින් අවස්ථාව සැළසෙන බවයි මෝසම්කාර පාර්ශවය පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් ඒ පිළිබඳ තීන්දුවක් අද නිකුත් නොකෙරුණු අතර ඊට අදාළ නඩුවේ වැඩිදුර විභාගය සිදුවන්නේ එළැඹෙන 11 වැනිදායි.


News Articles
Latest Videos
Most Popular Post