News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

සංචාරක නිවාස සහ කඳවුරු බිම් යළි විවෘත වෙයි

392 Views


සංචාරක නිවාස සහ කඳවුරු බිම් යළි විවෘත වෙයි

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලුම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද සිට යළි ආරම්භකර තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් මාසයට අදාළව සංචාරක නිවාස සහ කඳවුරු බිම් කලින් වෙන් කරගත් සංචාරකයින්ට නියමිත දිනවලදී එම සංචාරක නිවාස සහ කඳවුරු බිම්වල නවාතැන් ගත හැකි වනවා.

එමෙන්ම පසුගිය මස 2 වැනිදා සිට ඊයේ දක්වා කාලය තුළ සංචාරක නිවාස හා කඳවුරු බිම් වෙන්කරගත් පිරිසට එම දින වෙනුවට ඉදිරියේදී දින වෙන්කර ගත හැකි බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, නවාතැන් ගන්නා සියලුම සංචාරකයින් කොරෝනා නීති සහ රෙගුලාසිවලට අනුව කටයුතු කළ යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post