මහර බන්ධනාගාරයේ රැඳවියන් කලහකාරී ලෙස හැසිරුණු බවට පළවන මත සම්බන්ධයෙන් නිසි නිගමනයක් ලබා ගැනීම සඳහා බන්ධනාගාර ඖෂධාගාරයේ ගබඩාකර තිබූ පෙති වර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.
නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශත නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශන ආරම්භකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ 30 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
බන්ධනාගාර නිලධාරීන් 13 ක්, රැඳවියන් 12 ක්, බන්ධනාගාර වෛද්‍යවරයෙක් හා හෙද නිලධාරීන් 4 දෙනෙකුගෙන් එලෙස ප්‍රකාශ සටහන්කර ගැනුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා 56 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.