News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
4

ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ධුරය නිමල් පුංචිහේවාට

449 Views


ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ධුරය නිමල් පුංචිහේවාට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්දේශකර තිබූ ස්වාධීන කොමිෂන් සභා පහක් සඳහා වන නාමයෝජනා පාර්ලිමේන්තු සභාව ඊයේ අනුමත කළා.

ඒ අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ලෙස නිමල් පුංචිහේවා මහතා ද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳිගේ මහතා ද, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු මහතා ද අනුමත වූ පිරිස අතරට අයත්.

එමෙන්ම අල්ලස් කොමිෂන් සභාවේ සභාපතිවරිය ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර සහ මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස සුමිත් අබේසිංහ යන මහත්ම මහත්මීන්ගේ නම් අනුමත වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post