News Line| Off Air
Generic placeholder image

Dec
4

ගුවන් තොටුපලේ පිටත් වීම් පර්යන්තයේ මහජන ආලින්දය යළි විවෘත කෙරේ

559 Views


ගුවන් තොටුපලේ පිටත් වීම් පර්යන්තයේ මහජන ආලින්දය යළි විවෘත කෙරේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටත් වීම් පර්යන්තයේ මහජන ආලින්දය අමුත්තන් සඳහා යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එය හෙට උදෑසන 9 සිට අමුත්තන් සඳහා විවෘත වනු ඇති.

ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසන්නේෙ, එක් ගුවන් මගියෙකුට මහජන ආලින්දය වෙත රැගෙන ආ හැක්කේ එක් අමුත්තෙකු පමණක් බවයි.

එමෙන්ම ගුවන් තොටුපල පරිශ්‍රය තුළ මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි කටයුතු කිරීම අනිවාර්යයකර ඇති අතර සෞඛ්‍ය උපදේශයන්ට අනුකූලව කටයුතු කරන ලෙසට ගුවන් මගීන්ට දැනුම් දෙන බවයි ගුවන් තොටුපල නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post