News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

බෝගම්බරට සංචරණ සීමා – මහනුවර රෝහලේ අක්ෂි සායනයත් වැසේ

522 Views


බෝගම්බරට සංචරණ සීමා – මහනුවර රෝහලේ අක්ෂි සායනයත් වැසේ

මහනුවර, බෝගම්බර ප්‍රදේශයට අද පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇතැයි මහනුවර මහනගර සභාව පවසනවා.

ඒ, එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ 13 දෙනෙක් සහ ඉන් පෙර 12 දෙනෙකු වශයෙන් එලෙස ආසාදිතයින් හඳුනා ගැනුණා.

එමෙන්ම මහනුවර මහනගර සභාවේ බෝගම්බර පිහිටි කාර්යාලය ද මෙම තත්ත්වය හේතුවෙන් මීට දින කිහිපයකට පෙර තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.

මේ අතර මහනුවර ජාතික රෝහලේ අක්ෂි සායනය ද ලබන සඳුදා දක්වා වසා දැමීමට පියවර ගෙන ඇතැයි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසනවා.

ඇය පැවසුවේ, එම සායනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග එහි කටයුතු ලබන සඳුදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි.

එමෙන්ම පසුගියදා එම රෝහලේ උගුර-කන-නාසය පිළිබඳ සායනයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග එහි කටයුතු ද තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

කෙසේ වෙතත් එම කටයුතු අද සිට යළි ආරම්භ කළ බවයි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post