News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් වරුවේ වැසි

463 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් වරුවේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්‌ථානවල මි.මී. 100 පමණ තද වැසිද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

උතුර සහ නැගෙනහිර පළාත්වල විශේෂයෙන්ම උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලඋදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැක.


News Articles
Latest Videos
Most Popular Post