පසුගිය 29 වැනිදා මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව අතරතුර තුවාල ලබා රෝහල්ගතකර සිටියදී රැඳවියන් 11 දෙනෙකු මියගියා.
පොලිසිය පැවසුවේ, ඔවුන්ගෙන් 7 දෙනෙකුගේ අනන්‍යතාව මේ වනවිට තහවුරුකරගෙන ඇති බවයි.
ඒ අනුව ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වනවිට සිදුකර ඇති අතර සෙසු තිදෙනාගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වෙන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවා.
මෙතෙක් හඳුනා නොගත් රැඳවියන්ගේ අනන්‍යතාව තහවුරුකර ගැනීම සඳහා ඇඟිලි සළකුණු ගැනීමට හෝ ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නා බව ද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.