වෘත්තීය සමිති කිහිපයක වනජීවි නිලධාරීන් එක්ව මේ වනවිට දීපව්‍යාප්ත සංඛේත වැඩවර්ජනයක නිරත වනවා.
ඔවුන් පවසන්නේ, පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සිදු වන නීති විරෝධි ක්‍රියා නතරකර, ස්වාභාවික සම්පත් සුරක්ෂිතකර දෙන ලෙසයි.
ඒ සඳහා රජය නිසි පියවරක් නොගතහොත් ඉදිරියේදී දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි අදාළ වෘත්තීය සමිති නායකයින් පවසන්නේ.