News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
7

මහනුවර කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

628 Views


මහනුවර කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

මධ්‍යම පළාතේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මහනුවර දිස්ත්‍රිකකයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 383ක්.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 194 දෙනෙක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54ක් ලෙස වාර්තා වී තිබෙනවා.

අදාළ දත්තවලට අනුව අද උදෑසන වනවිට මධ්‍යම පළාත තුළින් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 5ක්.

ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4 දෙනෙකු සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයෙකු ලෙසයි.

ඒ අනුව මධ්‍යම පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 631ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post