News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

“මීටරෙන් ජීවිතේ” තවත් අදියරක් කොක්මාදූව අන්තර් හුවමාරුවේදී (ඡායාරූප)

569 Views


“මීටරෙන් ජීවිතේ” තවත් අදියරක් කොක්මාදූව අන්තර් හුවමාරුවේදී (ඡායාරූප)

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන, “මීටරෙන් ජීවිතේ” ස්ටිකර් ඇලවීමේ වැඩසටහන‍ ස්ථාන රැසකදී මේ වනවිට පැවැත්වෙනවා.

එම වැඩසටහනේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව අන්තර් හුවමාරුව ආශ්‍රිතවයි.

අධිවේගී මාර්ගයේ කොක්මාදූව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් කොක්මාදූව අන්තර් හුවමාරුව හරහා ධාවනය කෙරෙන වාහනවල ස්ටිකර් අලවා ජනතාව දැනුවත් කළා.

කෙරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව දැනුවත් කිරීම පිණිස “මීටරෙන් ජීවිතේ” වැඩසටහන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූල්‍යාධාර යටතේ සංවිධාන කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය, ඉටුකම අරමුදල හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්වයි.

බස් රථ තුළ සහ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථානවල කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ උපදෙස් ඇතුළත් ස්ටිකර් ඇලවීම මෙමගින් සිදු කෙරෙනවා.

කොරෝනා වෛරසය සමග නව ජීවන රටාවක් සඳහා ජනතාව හුරු කරවීම මෙහි අරමුණ වන අතර මේ වනවිටත් මෙම වැඩසටහන දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මකකර අවසන්.


News Articles
Latest Videos
Most Popular Post