News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

ආදායම් බද්දෙන් ධීවරයින් නිදහස්කර ඇති බව ගන්ධර වරායේ ඉදිකිරීම් කටයුතු අරඹමින් අගමැති කියයි (ඡායාරූප)

683 Views


ආදායම් බද්දෙන් ධීවරයින් නිදහස්කර ඇති බව ගන්ධර වරායේ ඉදිකිරීම් කටයුතු අරඹමින් අගමැති කියයි (ඡායාරූප)

ඉදිරි වසර 5ක කාලය සඳහා ආදායම් බද්දෙන් ධීවරයින් නිදහස් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ගන්ධර ධීවර වරායේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ එක් වෙමින්.

මීටර 300කින් යුත් ප්‍රධාන දියකඩනයකින් සැදුම්ලත් මෙම යෝජිත වරාය තුළින් බහුදින යාත්‍රා 400ක් පමණ ධීවර කටයුතු සඳහා යෙදවීමට සැළසුම්කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, එම ධීවර වරායේ ඉදි කිරීම් කටයුතු වසර 3කින් පමණ අවසන් කිරීමට අපේක්ෂිත අතර ඒ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 6,667ක් බවයි.

මෙම අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා පළ කළ අදහස් පහතින් :

“ලංකාව තුළ ධීරව වරායන් වැඩිම ගණනක් ඉදි කළේ 2005-2015 අපේ ආණ්ඩු කාලයේදී. ඒ කාලයේදීත් අද වගේම ධීවරයින් වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම සහන දෙන්න අපි කටයුතු කළා. ධීවරයින්ට තාක්ෂණික දැනුම දුන්නා. දැන් අපට අවශ්‍ය වන්නේ එතනින් ඉදිරියට ඔබව රැගෙන යාමයි. 2005-2015 කාලයේ ධීවරයින් ආදායම් බද්දෙන් නිදහස් කරන්න අපි කටයුතු කළා. නමුත් 2016 වර්ෂයේ යහපාලන ආණ්ඩුව ධීවරයින් වෙනුවෙන් නැවතත් ආදායම් බදු පැනෙව්වා. මෙවර අයවැය තුළින් අපි නැවතත් ඉදිරි වසර 5ක කාලය සඳහා ආදායම් බදුවලින් ධීවරයින් නිදහස් කළා.”


News Articles
Latest Videos
Most Popular Post