මුව ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 9 දෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දඩ නියම කළා.
එක් පුද්ගලයෙකුට රුපියල් 3000 බැගින් එලෙස දඩ නියමකර තිබෙනවා.
මුව ආවරණ නොමැතිව හබරාදූව නගරය ආශ්‍රිතව ගමන් කරමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.