මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පදික මාරුවක් මත පසුගිය 4වැනිදා රාත්‍රී සිදු වූ යතුරුපැදි අනතුරින් මිය ගිය අවුරුද්දක් හා අවුරුදු 7ක් වයසැති දැරිවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා.
එමෙන්ම ඔවුන්ගේ ගැබිනි මවට ද අනතුරින් බරපතල තුවාල සිදු වූ අතර ඇයගේ කුසේ වැඩෙමින් තිබූ කළලය ද අනතුරින් විනාශ වී තිබෙනවා.
එම මව තවමත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
දැරියන් දෙදෙනාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ සිදු කෙරුණේ, මොරටුව, එගොඩඋයන ශාන්ත මරියා දේවස්ථාන සුසාන භූමියේදීයි.
අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදියක ගැටී මොවුන් අනතුරට පත් වූ අතර අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන මොරටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ඔහුව මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.



