බන්ධනාගාර රැඳවියන් 8,000ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වැඩිවෙමින් පවතින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැළකිල්ලට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම සදහා මෙම පියවර ගන්නා බවයි.
මේ වනවිට රට පුරා බන්ධනාගාර 28ක රැඳවියන් 28,951 දෙනෙකු සිටින බව පෙන්වා දුන් ලොහාන් රත්වත්තේ මහතා පැවසුවේ ඒ අනුව, පවතින වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන සමාව දිය හැකි රැඳවියන් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි.
සිව් අවුරුදු සමාව දීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, එය අනුමත වුවහොත් දඩුවම් කාලය වසර 20කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බවත්, මරණ දඩුවම හිමි වූවන්ගේ දඩුවම් කාලය වසර 20කට අඩුවන බවත් අමාත්‍යවරයා පැවසුවා.
සිව් අවුරුදු සමාව ලබාදීම වසර 40 ක් තුළ ක්‍රියාත්මක වී නොමැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.