මන්නාරමේ ඉදි වන විශාලතම සුළං විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් එකම විදුලි බලාගාරය මෙය වන අතර ඒ යටතේ මෙගා වොට් 100ක ධාරිතාවක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට මුදා හැරෙනු ඇති.
සුළං කුළුණු 33කින් සමන්විත මෙම බලාගාරය හරහා මෙම විදුලි ඒකකයක් නිෂ්පාදනයකර ගැනීම සදහා වැය වන්නේ රුපියල් 10කටත් අඩු මුදලක් වීම විශේෂත්වයක්.