ගත වූ පැය 24 තුළ මුව ආවරණ නොපැළදීම, සමාජ දුරස්ථභාවය තබා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ තවත් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පසුගිය ඔක්තෝබර් මස අග භාගයේ සිට මේ දක්වා කාලය තුළ අදාළ නීති කඩ කළ පුද්ගලයින් 1,151 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයින් පිරිසකට දඩ මුදල් ගෙවන ලෙසට ද නියෝග නිකුත් කෙරුණා.