කොරෝනා වෙෙරසයට එරෙහිව ක්‍රියාත්මක වන නව එන්නත බ්‍රිතාන්‍යය වැසියන්ට එන්නත් කිරීම අදින් ආරම්භ වුණා.
ඒ අනුව එය ප්‍රථමයෙන් එන්නත් කරනු ලැබුවේ උතුරු අයර්ලන්තයේ 90 හැවිරිදි කාන්තාවකටයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාග්‍රට් කීනන් නමැති අදාළ කාන්තාව ලබන සතියේ 91 වැනි වියට පා තැබීමට නියමිත බවයි.
එන්නත ලබා ගැනීමෙන් පසු එම කාන්තාව පැවසුවේ අදාළ එන්නත ලබාගත් පළමු පුද්ගලයා වීමට ලැබීම තමා ලද වරප්‍රසාදයක් යැයි හැඟී යන බවයි.
එමෙන්ම මේ සමග 91 වැනි වියට පා තැබීමත් සමග ඉදිරි වසර තම ඥාතීන් සමග සතුටින් ගත කිරීමට හැකි වේ යැයි අපේක්ෂා කරන බවත් මෙය තමන්ගේ උපන්දිනයට පෙර තමන් ලද ත්‍යාගයක් බවත් ඇය පැවසුවා.
මාග්‍රට් කීනන් වැඩිදුරටත් කියා සිටියේ 90 හැවිරිදි තමන් මෙම එන්නත ලබා ගත්තේ නම් අන් අයට ද එය පහසු කාර්යයක් බවයි.
ඇමරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිපදවූ කෙරෝනා වෙෙරසයට එරෙහි මෙම එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට වන්නේ බ්‍රිතාන්‍යයයි.