News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

බන්ධනාගාර සහ පෑලියගොඩ පොකුරුවල ආසාදිතයින් ගණන තවත් ඉහළට

353 Views


බන්ධනාගාර සහ පෑලියගොඩ පොකුරුවල ආසාදිතයින් ගණන තවත් ඉහළට

තවත් නව ආසාදිතයින් 359 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 316 දෙනෙකු සහ බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් 43 දෙනෙකු වශයෙන්.

ඒ අනුව මේ වනවිට එම පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 26,181ක්.

එමෙන්ම මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ, 29,378ක් වන අතර ආසාදිතයින් 7436 දෙනෙකු රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම ආසාදිතව සිටි 21,800 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post