මහර බන්ධනාගාරය තුළ පසුගිය 29 වැනිදා ඇති වූ ගැටුමට හේතුව එහි ඉඩ සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් බව ඒ පිළිබඳ සෙවීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පත් කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.
අදාළ කමිටුව මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනවලට අදාළව සැකසූ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යාවරයා වෙත පිළිගැන්වූයේ ඉකුත් සඳුදා දිනයේදීයි.
එහි සම්පූර්ණ වාර්තාව මසක් තුළ ලැබීමට නියමිත බවයි එදින ප්‍රකාශ කෙරුණේ.
අදාළ සිද්ධියෙන් රැඳවියන් 11 දෙනෙකු මියගියා.
තුවාල ලැබූ සංඛ්‍යාව 108ක් වන අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ද ඊට අයත්.