News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

718 Views


එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මස 3වැනිදා දිවයිනට පැමිණීමට නියමත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ, ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහායි.

ලබන වසරේ මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ, එහෙත් කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ නව කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එය පැවැත්වෙන්නේ ලබන වසරේ ජනවාරි මස 14 වැනිදා සිට 26 වැනිදා දක්වායි.

එම ටෙස්ට් තරඟාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post