News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

කොරෝනා ඔසුව ගැන පරීක්ෂණයේ නිල වාර්තාව ඉදිරි දින කිහිපය තුළ – විශේෂ අධීක්ෂණයක් යටතේ එය නිෂ්පාදනයටත් පියවර

541 Views


කොරෝනා ඔසුව ගැන පරීක්ෂණයේ නිල වාර්තාව ඉදිරි දින කිහිපය තුළ – විශේෂ අධීක්ෂණයක් යටතේ එය නිෂ්පාදනයටත් පියවර

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ දේශීය ඖෂධය කොරෝනා රෝගීන් සඳහා ආහාරමය අතිරේකයක් ලෙස ‍ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක අධීක්ෂණය යටතේ අද එම ඖෂධය නිෂ්පාදනය කිරීමට ද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එම ඖෂධය පිළිබඳ පරීක්ෂණයේ නිල වාර්තාව ඉදිරි දින කිහිපයේදී ලැබෙනු ඇති බව දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසර ජයකොඩි මහතා පවසනවා.

එම ඖෂධය නොමිලයේ ජනතාවට බෙදා දීම නිසා ඊයේ විශාල පිරිසක් කෑගල්ල – හෙට්ටිමුල්ල, උඩමාගම ප්‍රදේශයට රැස්ව සිටියා.

එහෙත් සෞඛ්‍ය නිර්දේශ නොතකමින් ජනතාව එහි රැස්ව සිටීම නිසා පස්වරුව වනවිට ඖෂධය බෙදාහැරීම නතර කිරීමටයි පියවර ගැනුණේ.


News Articles
Latest Videos
Most Popular Post