News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

විදේශ ගතව සිට මෙරටට එන පුද්ගලයින්ගේ නිරෝධායන දින ගණන දින 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණයක්

580 Views


විදේශ ගතව සිට මෙරටට එන පුද්ගලයින්ගේ නිරෝධායන දින ගණන දින 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණයක්

විදේශ ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වන දින ගණන 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව සිදුකරනු ලබන PCR පරීක්ෂණයකට ලක් කෙරෙන අතර එහිදී එම පරීක්ෂණයේ ප්‍රතිපල මත අදාල පුද්ගලයා කොරෝනා අසාදිතයෙකු වුවහොත් ප්‍රතිකාර සදහා රෝහල් ගත කෙරෙන අතර අසාදිත නොවුහොත් යලි නිවසට ගොස් දින 14ක් නිරෝධායනය වීමේ ක්‍රමවේදය ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි මෙහිදී හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කලේ.

ඒ පිලිබදව වන නව නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කිරීමට නියමිත බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post