නව ආසාදිතයින් 169 දෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, එලෙස වාර්තා වූ සියලු ආසාදිතයින් පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
ඒ අනුව අද දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 469ක්.
එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවලින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 26,985ක් ලෙසයි.