ගුවන් තොටුපල විවෘතකර සංචාරකයින් සඳහා රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
සංචාරක අමාත්‍ය කාර්යාලයේදී ගුවන් සේවා නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණ කෙරුණා.
සෞඛ්‍ය බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි එම සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරුණේ්.