News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

පළාත් සභා මැතිවරණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් මැතිවරණ කොමිසමට උපදෙස් (ඡායාරූප)

528 Views


පළාත් සභා මැතිවරණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් මැතිවරණ කොමිසමට උපදෙස් (ඡායාරූප)

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඊට අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් දුන්නා.

අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර එම සාකච්ඡාව අද උදෑසන පැවැත්වුණේ, විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදීයි.

පැරණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට පවසා තිබෙනවා.

මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදු කළ යුතු බවයි මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් කියා සිටියේ.

ඒ හේතුවෙන් මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කිරීම වඩා පහසු බවත් ඔවුන් එහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බව පැවසූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාව ද පෙන්වා දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, මේ වන විටත් තමන් ඒ පිළිබඳ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

මෙම අවස්ථාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ නිමල් පුංචිහේවා මහතා මෙන්ම කොමිසමේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Image may contain: 1 person, sitting and indoor
Image may contain: 1 person, sitting, suit and indoor


News Articles
Latest Videos
Most Popular Post