වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කිරීමට තීරණයකර තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ, ලබන 26 වැනිදා සිට එම මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සූදානම් බව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා බලධාරීන්ට දන්වා ඇති බවයි.
සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් සඳහා වන උපදෙස් මාලාවන් ඉදිරියේදී නිකුත් කරන බවයි.