News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
13

අගමැති කිරිවෙහෙර වැඳපුදා ගනියි (ඡායාරූප)

385 Views


අගමැති කිරිවෙහෙර වැඳපුදා ගනියි (ඡායාරූප)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති, කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් අභියස ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයාට කොබවක ධම්මින්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කළා.

අනතුරුව අෂ්ඨඵල බෝධීන් වහන්සේ වැඳපුදාගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රුහුණු කතරගම මහා දේවාලය හා පරිවාර දේවාල වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා.

එහිදී පැමිණ සිටි බැතිමතුන්ගේ සුව දුක් විමසා සිටි අග්‍රාමාත්‍යවරයා ඔවුන් සමඟ සුහඳ කතා බහක ද නිරත වුණා.

අනතුරුව කතරගම අභිනවාරාමායට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමි බැහැ දැක ආශිර්වාද ලබාගත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

Image may contain: 1 person, sitting and baby
Image may contain: 3 people, people standing, outdoor and foodImage may contain: one or more people and outdoorImage may contain: 2 people, people sitting, table and outdoorImage may contain: 4 people, people standing, wedding, child, baby and outdoorImage may contain: 2 people, people standing, flower and child


News Articles
Latest Videos
Most Popular Post