තවත් නව ආසාදිතයින් 135 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.
ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 650ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
ඒ සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 29,152ක් ලෙසයි.