News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලබයි

414 Views


ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලබයි

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ කළම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කළම්බු කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 150ක් රැස් කළා.

ඩැනියෙන් බෙල් ඩ්‍රාමන්ඩ් ලකුණු 70යි.

පන්දු යැවීමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් බිඳ හෙළුවා.

ලකුණු 151ක පිළිතුරු ඉනිම හඹා ගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු 8ක් දැවී ලකුණු 151ක් ලබා තරඟය ජය ගත්තා.

නායක භානුක රාජපක්ෂ ලකුණු 33ක් සහ ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 31 රැස් කළා.

පන්දු යැවීමේදී අශාන් ප්‍රියන්ජන් කඩුලු 2ක් බිඳ හෙළුවා.

ඒ අනුව තරඟය කඩුලු 2කින් ජය ගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post